Friday, October 7, 2011

ඔබ මගෙයි තුන් කාලයේ...

රන් හිරුයි ඔබ යෞවනේ..
හදවතයි ඔබ ජීවයේ...
මල් මිටයි  මගෙ ආදරේ..
ඔබ මගෙයි ආනන්දයේ...
උල්පතයි කරුණා ගුණේ..
සෙනෙහසයි ඔබ රන් හිරේ..
නාදයයි මගේ ජීවිතේ..
මා ඔබෙයි සoසාරයේ..
සැනසුමයි මගෙ ජීවිතේ..
සිසිළසයි මේ පින් බිමේ..
ජීවයයි කුළුදුල් පෙමේ..
මා ඔබෙයි සoසාරයේ...

Monday, August 8, 2011

දවස.....

කුකුළා සමග ඇරඹෙන.....
ඔරලෝසුව සමග ගෙවෙන....
බකමූණා සමග නින්දට යන...
දවස.....

පිරිසිදු කයින් ඇරඹී....
අපිරිසිදු වෙමින් ගෙවමින්...
සවසට යළිත් පිරිසිදු කරනා...
දවස...

නැවුම් දෙපයින් ඇරඹී...
වෙහෙසෙමින්  දුවමින්...
යළිත් දෙපයට නිවනක් දෙමින් ගෙවෙනා....
දවස....

අලුත් බලාපොරොත්තු ගෙනෙමින්...
පරණ දුක නැතිකරනමින්....
අපේ වයස  රැගෙන යන...
දවස...

Wednesday, June 1, 2011

Can You Read This????

 fi yuo cna raed tihs, yuo hvae a sgtrane mnid too 

 Cna yuo raed tihs? Olny 55 plepoe out of 100 can. 

 i cdnuolt blveiee taht I cluod aulaclty uesdnatnrd waht I was rdanieg.
 The phaonmneal pweor of the hmuan mnid, 
aoccdrnig to a rscheearch at Cmabrigde Uinervtisy, 
it dseno't mtaetr in waht oerdr the ltteres in a wrod are,
 the olny iproamtnt tihng is taht the frsit and lsat
 ltteer be in the rghit pclae. The rset can be a taotl mses and you can sitll 
raed it whotuit a pboerlm.
 Tihs is bcuseae the huamn mnid deos not raed ervey lteter by istlef, 
but the wrod as a wlohe.
 Azanmig huh? 
yaeh and I awlyas tghuhot slpeling was ipmorantt!
 if you can raed tihs forwrad it 

Tuesday, May 3, 2011

සමනලියේ

තරහාද සදු හා...මේ සදු හා සොදුරේ..
තරහාද මා හා...ඔබ එහෙනම් අදුරේ...


මීදුම් කුණාටු ආවත්  නොසැලී ඉදින්...
විරහා ලසෝ වෙස් ගත් සුසුමන් මැදින්...
දේදුනු පිහාටු පොබයා ආවත් තදින්..
මොනවා කලත් සමනලියේ පල නෑ ඉතින්...



ඔබ මගේ සතුටයි...සතුටයි...හදේ...
තටු සළා ඉගිලී සරනා....
එහෙව් මා ඔබ හා නෑ තරහා ළදේ....
මේ සසර වසනා තුරා.....

Tuesday, March 15, 2011

ලබැදියේ.......

ඔබ එන්න සුලගේ දැවටිලා.....
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා......
සුදු හන්ස තටුවේ දැවටිලා......
පෙම් කරමු රහසේ සැගවිලා.....

ලබැදියේ.......
මා සිතින් සිරකලා......
ලබැදියේ.......
මා සිතින් පෙම් කලා.....



නා දල්ල වාගේ දිදුලනා....
මුදු හාදු වැස්සෙන් මා තෙමා....
ඔය දෙතොල් අතරේ සිරවෙලා....
මට ඉන්න ඇත්නම් තනිවෙලා....



ලබැදියේ.......
මා සිතින් සිරකලා......
ලබැදියේ.......
මා සිතින් පෙම් කලා.....


කිරි කවඩි මාලේ මා ගොතා...
ඔය ගෙලේ පලදා හැඩ බලා....
මා වින්ද සතුටේ ඉම් සොයා....
ඔබ යන්න සුලගේ අප දමා....

ලබැදියේ.......
මා සිතින් සිරකලා......
ලබැදියේ.......
මා සිතින් පෙම් කලා.....

Sunday, March 6, 2011

Inside Of Me

If you could see inside my soul
see inside my heart
you would know how I long for you
whenever we're apart

If you could see inside my head
if thoughts were things to see
you would know how I cherish you
how much you mean to me

In all the ways you comfort me
the way you hold me near
the way you know just what to do
to chase away my fear

The sparkle in your beautiful eyes
your smile, laugh, your touch
are just a few of many reasons
I love you oh so much

Knowing I can talk to you
about any and everything
and knowing together we will get
through whatever life may bring

I could search the whole world over
and this I know is true
I would never find another love
like the love I found with you

Though with each new day, each sunrise
we can't know what's in store
there is one thing I know for sure
each day I love you more

So if you could see inside my head
if thoughts were things to see
you would know I blessed I feel
to have you here with me

Tuesday, February 8, 2011

ඔරු, බොරු හා තරු

ඔරු

ඔරු හැමදාම එගොඩ මෙගොඩ ගියා.හරියට කියනවානම් මිනිස්සු එගොඩ මෙගොඩ කලා.කාලයක් ගියාම ඔරු පරන උනා..පතුලෙ හිල් හැදුනා..අලුත්වැඩියා නොකල හින්දා දියේ ගිලුනා..නිකන් එහාට මෙහාට ගිය හින්දා අත්දැකීමක් නැහැ...



බොරු

බොරු යනු ඇත්තෙහි සෙවනැල්ලයි.ඇත්ත ලගම බොරුව උන්නා.ඇත්ත මුවාවෙද්දි බොරුව එලියට ආවා.ඇත්ත නිදාගෙන ඉද්දි බොරුව අවදියෙන් උන්නා.කොහොම උනත් ඇත්ත දිනන දාට බොරුව පරදිනවා..ඒත් වැඩි ඈතට යන්නැහැ..













තරු

තරු කලුවර රෑ අහසේ දිලුනා.ලමයි ඒ එලියට ආශා කලා.වැඩිහිටියන් ලමයිට ඒ ගැන කතන්දර කිව්වා.වෙලෙන්දෝ ඒ එලියෙන් පාර හොයාගෙන වෙලදාමෙ ගියා.ආදරේ කරන අය ඒ එලිය යට ආදරේ කලා..ඒත් තරු තමන්ගෙම එලිය විහිදවනව වගේ ඒ කවුරුවත් තමන්ගෙ හැකියාවෙන් ලෝකෙම එලිය කරන්න හිතුවෙ නැහැ.

Sunday, January 23, 2011

Logic gates and peoples...

The AND gate is equal to our parents....coz to get a True/Yes answer,both mother and father's answers must Yes.
The OR gate is equal to our friends......coz its ok to get a True/Yes answer weather one of our friend gives Yes..
The  NOT gate is very equal to girls(i mean girl friends)....coz if they say Yes,the true answer is No...and if they say No,the true answer is Yes....

Friday, January 21, 2011

නිව්ටන් සහ ඇපල්.
















ඒ සැන්දෑ යාමයේ
ඇපල් ගසක් යටටවී
පොතක් බලබලා උන්නු නිව්ටන්
හිතුවෙ නෑ කවදාවත්
තමන්ව ලෝකේ ප්‍රසිද්දවෙයි කියලා
අඩුගානේ ඇපල් ගෙඩියක් වැටුනු වෙලේවත්...
මොකද ඒ වෙලේ එයාගෙ හිතට ආවෙ
ගුරුත්වාකර්ශනයක් ගැන Idea එකක් නෙවේ...
ඒ වෙලේ එයාගෙ හිතට ආවෙ ලොකු සතුටක්,
හොද වෙලාවට එයා පොල් ගහක් යට නැතුව ඇපල් ගහක් යට උන්නෙ කියලා.....

Sunday, January 16, 2011

සිතන්න ටිකක්.....


කවුරුන්හෝ ඔබට ගොනෙක් යැයි පැවසුවහොත්
ඔබ එය ගනනකට වත් නොගන්න..
නමුත් තවත් කෙනෙක් ඔබට ගොනෙක් යැයි කිව්වොත්
පසුපස හැරී ඔබගේ පියවර වල කුර සටහන් ඇත්දැයි බලන්න...
තවත් කෙනෙක් ඔබහට ගොනෙක් යැයි කියූ දිනට
ඔබගේ නාසය විදගත්තාට වරදක් නොමැත.....

Monday, January 10, 2011

Internet කුමරිය

සෙවුම් යන්ත්‍රයේ
නම ගැසූ සැනෙකින් පැමිනෙයි
ඔබේ සිනහ වත මා ඉදිරියට...
ඔබ කොතරම් සුන්දරදැයි කියා
සිතෙයි මා හට දස දහස් වාරයක්
නමුත් ඒ මෝඩ අතීතයට පයින් ගසමි මම
මන්ද.....
ඔබගේ සුන්දර සිනහව රැගත් රුව පිටුපස ඇත්තේ
html පද රචනයක් බව මම දැන් හොදින්
දනිමි......

ඔබට හැකිනම්..(by Sukitha Amarasekara)

තෙලෙගු තුඩකින් දෑත එක්කර..
මැව්ව සිතුවම් බොදවමින්..
ඇගේ කදුලැලි වැටෙන පිනිබිදු..
ලෙස තෙමයි හද සිත් යහන්..

එපා අයදින්නට ඇගෙන් තව..
ප්‍රෙමයෙ අනුකම්පා සිතුම්..
එපා අයදින්නට ඇගෙන් තව..
ඒදා මෙන් මුතු හස කැලුම්..

සිතින් පවසයි හදවතට ඒ..
නොතේරෙන බස මුමුනමින්..
නමුත් යලි ඈ දකින විට සිත..
දුරක දිවයයි තනිවෙමින්..

ඔබට මා අද නොවටිනා බව..
ඔබම පවසයි මට ඉතින්..
ඔබට හැහෙකිනම..

ඔබ.....

එක් සොදුරු උදෑසනක
 එක් සොදුරු හෝරාවක
මතකයි හමුවුනා ඔබ රුව
මා දෑස් අභියස........
තුරුලුකරගෙන පොත් මිටිය
යොමා නෙතු පහලට
පියමන්කලා මා ඉදිරියෙන්
උදෑසන සමනලියක් සේ....
නොදැනීම මා සිතේ
ඇදුනු ඒ ඔබේ රුව
පියමැනිනා මා සමගින්
මා යනෙන සෑම තැනම....
නිවසේ මාගේ කාමරයේ
මේසය අසල වාඩිවී
අද කරපු පාඩම නැවත බැලීමට
දිගහැරියෙමි පාඩම් පොත...
පොතේ පාඩම තුලින්
සිත ගියා පන්තිය වෙත
සැනෙකින් සිහිවුනා
සිතේ ඇදි සමනලිය...
ඒ සොදුරු සිනා මුව
හිනැහුනා  මා සමගින්
පොතේ පිටු අතරින්හෙමිහිට.....
පොත සමග සිනසෙනු දුටු
මගේ නැගනියසෙමින් වුත් මා අසලට
එබිකම් කලා පොතට
ප්‍රශ්නාර්තයක් මුහුනේ රුවාගෙන...
පොත වසා මා ගියා
මාගේ ගිටාරය වෙතට
මනස සන්සුන් කරගැනුමට
පිරිමැද්දා එහි තත් පැරණි ගීයකට...
නමුත් මා මුවින් කියැවුනේ
වෙනත් ගීයකි ආදරබර
වැයුනේ ගිටාරය 
එම ගීය වෙතටමය.......
මා සිත සොරාගත් ඇය
මාගේ මනසද සොරාගොස් ඇතිබව
වැටහුනේ එවිටයමා හට.......
එවන් සොරකමක් කිරීමට තරම්
පොහොසත් වූ ඔබ හට
එය සදාකාලිකව තබාගැනුමට
ඉඩ දීමවඩාත් සුදුසු බව
මා සිත පවසයි.....
ඔබ සදාකාලිකව මාගේ වේ නම්
එයට සුදුසුම පුද්ගලයාද ඔබම නම්
ගිටරයේ වැයුනු ඒ ආදර ගීයේ
හිමිකාරිය  ඔබ පමණි........සදා.....

Saturday, January 8, 2011

ජීවිතය





සමහරු කියනව ඒක හරියට ගගක් වගේ කියල
ඔහේ ගලාගෙන යනවලු....
තව කට්ටියක් කියනව ඒක හරියට ගහක් වගෙ කියල
ටිකෙන් ටික හැදිලා ලොකු වෙනවලු....
තව අය කියනව ජීවිතේ කියන්නෙ මල් යහනාවක්ලු...
තව කට්ටියකට එක කටු යහනාවක්ලු.....
ඒ උනාට  කවුරුවත් හරියට දන්නැහැ ජීවිතේ මොකක් වගෙද කියල......
ඒක දැනගන්නනම් ජීවිතේ විදින්නම ඕනා.......