ඔරු
ඔරු හැමදාම එගොඩ මෙගොඩ ගියා.හරියට කියනවානම් මිනිස්සු එගොඩ මෙගොඩ කලා.කාලයක් ගියාම ඔරු පරන උනා..පතුලෙ හිල් හැදුනා..අලුත්වැඩියා නොකල හින්දා දියේ ගිලුනා..නිකන් එහාට මෙහාට ගිය හින්දා අත්දැකීමක් නැහැ...
බොරු
බොරු යනු ඇත්තෙහි සෙවනැල්ලයි.ඇත්ත ලගම බොරුව උන්නා.ඇත්ත මුවාවෙද්දි බොරුව එලියට ආවා.ඇත්ත නිදාගෙන ඉද්දි බොරුව අවදියෙන් උන්නා.කොහොම උනත් ඇත්ත දිනන දාට බොරුව පරදිනවා..ඒත් වැඩි ඈතට යන්නැහැ..
තරු
තරු කලුවර රෑ අහසේ දිලුනා.ලමයි ඒ එලියට ආශා කලා.වැඩිහිටියන් ලමයිට ඒ ගැන කතන්දර කිව්වා.වෙලෙන්දෝ ඒ එලියෙන් පාර හොයාගෙන වෙලදාමෙ ගියා.ආදරේ කරන අය ඒ එලිය යට ආදරේ කලා..ඒත් තරු තමන්ගෙම එලිය විහිදවනව වගේ ඒ කවුරුවත් තමන්ගෙ හැකියාවෙන් ලෝකෙම එලිය කරන්න හිතුවෙ නැහැ.


