The AND gate is equal to our parents....coz to get a True/Yes answer,both mother and father's answers must Yes.
The OR gate is equal to our friends......coz its ok to get a True/Yes answer weather one of our friend gives Yes..
The NOT gate is very equal to girls(i mean girl friends)....coz if they say Yes,the true answer is No...and if they say No,the true answer is Yes....
Sunday, January 23, 2011
Friday, January 21, 2011
නිව්ටන් සහ ඇපල්.
ඒ සැන්දෑ යාමයේ
ඇපල් ගසක් යටටවී
පොතක් බලබලා උන්නු නිව්ටන්
හිතුවෙ නෑ කවදාවත්
තමන්ව ලෝකේ ප්‍රසිද්දවෙයි කියලා
අඩුගානේ ඇපල් ගෙඩියක් වැටුනු වෙලේවත්...
මොකද ඒ වෙලේ එයාගෙ හිතට ආවෙ
ගුරුත්වාකර්ශනයක් ගැන Idea එකක් නෙවේ...
ඒ වෙලේ එයාගෙ හිතට ආවෙ ලොකු සතුටක්,
හොද වෙලාවට එයා පොල් ගහක් යට නැතුව ඇපල් ගහක් යට උන්නෙ කියලා.....
Sunday, January 16, 2011
සිතන්න ටිකක්.....
Monday, January 10, 2011
Internet කුමරිය
සෙවුම් යන්ත්‍රයේ
නම ගැසූ සැනෙකින් පැමිනෙයි
ඔබේ සිනහ වත මා ඉදිරියට...
ඔබ කොතරම් සුන්දරදැයි කියා
සිතෙයි මා හට දස දහස් වාරයක්
නමුත් ඒ මෝඩ අතීතයට පයින් ගසමි මම
මන්ද.....
ඔබගේ සුන්දර සිනහව රැගත් රුව පිටුපස ඇත්තේ
html පද රචනයක් බව මම දැන් හොදින්
දනිමි......
නම ගැසූ සැනෙකින් පැමිනෙයි
ඔබේ සිනහ වත මා ඉදිරියට...
ඔබ කොතරම් සුන්දරදැයි කියා
සිතෙයි මා හට දස දහස් වාරයක්
නමුත් ඒ මෝඩ අතීතයට පයින් ගසමි මම
මන්ද.....
ඔබගේ සුන්දර සිනහව රැගත් රුව පිටුපස ඇත්තේ
html පද රචනයක් බව මම දැන් හොදින්
දනිමි......
ඔබට හැකිනම්..(by Sukitha Amarasekara)
තෙලෙගු තුඩකින් දෑත එක්කර..
මැව්ව සිතුවම් බොදවමින්..
ඇගේ කදුලැලි වැටෙන පිනිබිදු..
ලෙස තෙමයි හද සිත් යහන්..
එපා අයදින්නට ඇගෙන් තව..
ප්‍රෙමයෙ අනුකම්පා සිතුම්..
එපා අයදින්නට ඇගෙන් තව..
ඒදා මෙන් මුතු හස කැලුම්..
සිතින් පවසයි හදවතට ඒ..
නොතේරෙන බස මුමුනමින්..
නමුත් යලි ඈ දකින විට සිත..
දුරක දිවයයි තනිවෙමින්..
ඔබට මා අද නොවටිනා බව..
ඔබම පවසයි මට ඉතින්..
ඔබට හැහෙකිනම..
ඔබ.....
එක් සොදුරු හෝරාවක
මතකයි හමුවුනා ඔබ රුව
මා දෑස් අභියස........
තුරුලුකරගෙන පොත් මිටිය
යොමා නෙතු පහලට
පියමන්කලා මා ඉදිරියෙන්
උදෑසන සමනලියක් සේ....
නොදැනීම මා සිතේ
ඇදුනු ඒ ඔබේ රුව
පියමැනිනා මා සමගින්
මා යනෙන සෑම තැනම....
නිවසේ මාගේ කාමරයේ
මේසය අසල වාඩිවී
අද කරපු පාඩම නැවත බැලීමට
දිගහැරියෙමි පාඩම් පොත...
පොතේ පාඩම තුලින්
සිත ගියා පන්තිය වෙත
සැනෙකින් සිහිවුනා
සිතේ ඇදි සමනලිය...
ඒ සොදුරු සිනා මුව
හිනැහුනා මා සමගින්
පොතේ පිටු අතරින්හෙමිහිට.....
පොත සමග සිනසෙනු දුටු
මගේ නැගනියසෙමින් වුත් මා අසලට
එබිකම් කලා පොතට
ප්‍රශ්නාර්තයක් මුහුනේ රුවාගෙන...
පොත වසා මා ගියා
මාගේ ගිටාරය වෙතට
මනස සන්සුන් කරගැනුමට
පිරිමැද්දා එහි තත් පැරණි ගීයකට...
නමුත් මා මුවින් කියැවුනේ
වෙනත් ගීයකි ආදරබර
වැයුනේ ගිටාරය
එම ගීය වෙතටමය.......
මා සිත සොරාගත් ඇය
මාගේ මනසද සොරාගොස් ඇතිබව
වැටහුනේ එවිටයමා හට.......
එවන් සොරකමක් කිරීමට තරම්
පොහොසත් වූ ඔබ හට
එය සදාකාලිකව තබාගැනුමට
ඉඩ දීමවඩාත් සුදුසු බව
මා සිත පවසයි.....
ඔබ සදාකාලිකව මාගේ වේ නම්
එයට සුදුසුම පුද්ගලයාද ඔබම නම්
ගිටරයේ වැයුනු ඒ ආදර ගීයේ
හිමිකාරිය ඔබ පමණි........සදා.....
Saturday, January 8, 2011
ජීවිතය
සමහරු කියනව ඒක හරියට ගගක් වගේ කියල
ඔහේ ගලාගෙන යනවලු....
තව කට්ටියක් කියනව ඒක හරියට ගහක් වගෙ කියල
ටිකෙන් ටික හැදිලා ලොකු වෙනවලු....
තව අය කියනව ජීවිතේ කියන්නෙ මල් යහනාවක්ලු...
තව කට්ටියකට එක කටු යහනාවක්ලු.....
ඒ උනාට කවුරුවත් හරියට දන්නැහැ ජීවිතේ මොකක් වගෙද කියල......
ඒක දැනගන්නනම් ජීවිතේ විදින්නම ඕනා.......
Subscribe to:
Posts (Atom)







